නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ / ඔළුකරද මහා විද්‍යාලය

නිල වෙබ් අඩවිය වෙනුවෙන් අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික දිස්ත්‍රික්කයක් වන අනුරාධපුර නගරයේ, කැකිරාව කලාපයේ, කැකිරාව කොට්ඨාසයේ පිහිටි අප විදුහල දැනුම, කුසලතා හා ආකල්ප වලින් පිරිපුන් සිසුන් දහස් ගණනක් සමාජයට දායාද කළ විශිෂ්ට ඉතිහාසයකට හිමිකම් කියන පාසලකි. අධ්‍යාපනය දුරස්වන අඩු වරප්‍රසාද සහිත දරුවන්ට විවෘත වූ විශිෂ්ටයින් සමාජගත කළ අප පාසල තවදුරටත් ශක්තිමත්ව ඉහළ විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් යුත් ජයග්‍රහණ කරා පාසල මෙහෙයවීම අපගේ අපේක්ෂාවයි.
"දිවිමග දිනුමට ඉගෙනුම" යන ආදර්ශ පාඨය අනාගත දරුවන් තුළ ද තහවුරු කරමින් ජාතික හා ගෝලීය වශයෙන් ජය ගන්නා සාඩම්බර දරුවන් පිරිසක් අප බිහිකරන්නෙමු.
එස්. එම්. ඒ.වසන්ත නියෝජ්‍ය විදුහල්පති( සංවර්ධන)